විදුහල්පති පණිවිඩය
මාර/අතපත්තුකන්ද ක.වි

ලෝකයම විශ්ව ගම්මානයක් වෙමින් අනාගත පරපුරෙහි අයිතිකරුවන් විසින් නවීන ලෝකය හා අත්වැල් බැඳගන්නට සැරසෙන මෙම වෙබ් අඩවිය මහත් පිටුවහලක්වනු ඇත.මෙමගින් දුෂ්කර පාසලක් වන අප විදුහලේ දරැවන්ටද නවීන ලෝකය හා අත්වැල් බැදගනිමින් නව දැනුමින් පිරි ලොවකට ගමන් කර ඔවුන්ගේ හෙට දවස සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර මේ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
තිලක් මීගහවත්ත.