සිරිලක දරණි තලෙ -මාතොට නමි පුරවරයේ
තෙදබල පෙන්වා කිතුගොස පතුරා
මිණි පහනක් සේ බැබළි වැජඹෙන
මෑණියනේ සැරදේ....
විදුහල් මෑණියනේ සැරදේ....
දෙසබස හෙළ දැය ආගම නංවා
සිප්සත බෙදවා ණැන ගුණ වඩවා
වීර විකුම් තෙද බලපා....
ජය සක් හඞ නංවා ගුරු සිසු බැතියනේ
පුද ලැබ වැජඹෙන
මෑණියනේ සැරදේ....
විදුහල් මෑණියනේ සැරදේ....
ඈත වනපෙතේ විහග ගීතිකා
විදුහල් මවගේ ගුණ ගයතී....
කෙත් වතු වන පෙත් සිප එන සුළඟින්
සැනහී වැජඹෙන
මෑණියනේ සැරදේ....
විදුහල් මෑණියනේ සැරදේ....