ගමේ ළමයින්ට ඉගනීමට පාසලක් නොතිබූ කාලයේ මෙම අඞුපාඞුව මනාව වටහාගත් ධනපාල අබේවික්‍රම මහතා අතපත්තුකන්ද ගමට පැමිණ ගමේ ජනතාව සමග සාකච්ඡා කළ අතර එහිදී ඇහැළගහගොඞ නිවසේ ආර්.කේ. අන්දරයස් නැමතිි හීන් මහතා සහ එතුමාගේ භාර්යාව වන ප්‍රතාපසිංහ ආරච්චිගේ ලුසිහාමි මහත්මිය පාසල ඉදිකිරීමට ඉඞම් කැබැල්ල පරිත්‍යාග කරන ලදි.ගම්වැසියන්ගේ නොයෙකුත් පරිත්‍යාගයන් හා ශ්‍රම දායකත්වය හමුවේ 1959 සැප්ම්බතැර් 01 වන දින ඉදිකරන ලද ශාලාවේ පාසල ආරම්භකරන ලදි.
දුශ්කර ගමනක ප්‍රතිඵලය මලඵල ගැන්වූයේ 1963 නොවැම්බර් 01 දිනය.එදින විදුහල්පති වශයෙන් ධනපාල අබේවික්‍රම මැතිතැමාත් ඇතුළුව ගුරුමණ්ඩලය තිස් හතක් සහ ළමයි සංඛ්‍යාව 576 සමගින් රජයට පවරා ගන්නා ලදි.
1998.03.02 වන දින විදුහල්පති තනතුර භාරගත් කේ.පී.සුමතිපාල මහතාගේ උත්සාහයෙන් තට්ටු දෙකේ ගොඩනැගිල්ලක්,බුද්ධ මන්දිරයක් සහ තවත් ඉදිකිරීම් රාශියක් සිදු කළ අතර ගුරු මණ්ඩලය සම්පූර්ණ කිරීම, පාසල් ක්‍රිීඩා පිටිය පුළුල් කිරීම,පාසල් පරිසරය අලංකාර කිරීම,සාමාන්‍ය පෙළ දක්වා පනති පැවැත්වීම ඒ අතර වේ.