භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • Register
  • Login
ATHAPATHTHUKANDA K.V
ATHAPATHTHUKANDA K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

අතපත්තුකන්ද පාසලේ ඉතිහාස කතාව

 

මාතර දිස්ත්‍රික්කයේ  කන්දබඩ පත්තුව බටහිර උප දිසාපති කොට්ටාස‌යේ එවකට පරපාමුල්ල ග්‍රාම සේවක කොට්ටාසයට අයත් අතපත්තුකන්ද ගම ඉතා දුෂ්කර ගමක් විය. අධ්‍යාපනය හුදු මායාවව පැවති එදා ගමේ ළමයින්ට ඉගෙනීමට පාසලක් නොතිබූ හෙයින් අකුරු ඉගෙනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. කිසිම අධ්‍යාපනයක් ලබා ගෙන නැති සමාජයට එකතු වන එම ළමයින් ද පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවයක් දැක්වූ‌යේ නැත.එය ගමේ උගතුන් බිහි නොවීමට හේතුවක් වීම එදා ගමේ පරිහානියට හේතුවක් වුණි.

එම කාලය එසේ ගෙවී යත්ම මෙම අඩුපාඩුව මනාව වටහාගත් සීනිපැල්ල ගමේ ධනපාල අබේවික්‍රම මැතිතුමා අතපත්තුකන්ද ගමට පැමිණ මෙම පාසල ආරම්භ කිරීමට කටයුතු කිරීම ගමට මහඟු සේවයක් විය.ධනපාල මහතා ගම්වාසින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇහැළගහගොඩ නිවසේ ආර්.කේ.අන්දරයස් නැමැති හීන් මහත්මයා සහ එතුමාගේ භාර්යාව වන ප්‍රතාපසිංහ ආරච්චිගේ ලුසිහාමි මහත්මිය විසින් පරිත්‍යාග කළ ඉඩමක මෙම පාසල ඉදි කරන ලදි.එහි නව ශාලාවක් ඉදි වන තුරු අතපත්තුකන්ද පන්සලේ පන්ති පවත්වා ඉගෙනීම් කටයුතු සිදු කර ඇති අතර අතපත්තුකන්ද විහාරාධිපති මීගාහේනේ ධම්මාරාම හිමි ද මේ සදහා උපරිම දායකත්වය ලබා දී ඇත.

මේ අනුව ගම් වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් 1959 සැප්තැම්බර් මස 01 වැනි දින එසේ ඉදි  කරන ලද ශාලාවේ පාසල ආරම්භ කරන ලදි.ගොම මැටි අතුරන ලද පාසල් බිමේ අසීරුතාවය වටහාගත් වෙළද ව්‍යාපාරික ඩී.ඩබ්ලිව්.දිසානායක නොහොත් කඩේරාලහාමි තම පෞද්ගලික වියදමින් බිම සිමෙන්ති දමා බිත්ති කපරාරු කරදෙන ලදි.

එම කාලය තුල අධ්‍යාපන ඇමති මෙන්ම පසුව අගමැති වූ විජයානන්ද දහනායක මැතිතුමාගේ උපදෙස් ලබා ගෙන මෙම පාසල ආරම්භ කළත් එතුමාගේ එම තනතුරු අහිමි වීම නිසා අතපත්තුකන්ද පාසල රජයට පවරා ගැනීම ප්‍රමාද විය.එම නිසා මෙම පාසල අවුරුදු හතරකටත් වඩා වැඩි කාලයක් ධනපාල මහත්මයාගේ අතේ වියදමින් පැවැත්වීමට සිදුවිය.මේ පිළිබදව කොතෙකුත් බලධාරීන් දැනුවත් කළ ද නිසි පිළිතුරක් නොවූ අතර ඔවුන් පවසා ඇත්තේ මෙම අක්කර කාලක භූමි පමාණය පාසලක් පැවැත්වීමට ප්‍රමාණවත් නොමැති බවයි.ඒ අනුව පාසලට උතුරු පැත්තෙන් තිබූ රජය සතු විශාල ඉඩම අයිතිකරුට මුදල් දී ඔප්පුවකින් පාසල සතු කිරීමට ද  සේනාධීර මහතාගේ මැදිහත්වීමෙන්  පාසල සදහා අක්කර 2ක් වේ කරවා එහි ගෙපල කපා අඩි 20යි 60ක ගොඩනැඟිල්ලකට අත්තිවාරම දැමීමටද ධනපාල මහතා විශාල වෑයමක් ගන්නා ලදි.

මෙම දුෂ්කර ගමනේ ප්‍රතිඵලය මල්ඵල ගැන්වුන දවස උදා වූයේ 1963 නොවැම්බර් 01 වනදා ය .එදින විදුහල්පති වශයෙන් ධනපාල අබේවික්‍රම මැතිතුමාත් ඇතුළුව ගුරු මණ්ඩලය 37ක් සහ ළමයි සංඛ්‍යාව 576 ක් සමඟින් පාසල රජයට පවරා ගන්නා ලදි.  දැඩි දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ආ පාසල 1980 දශකය තුළ වැසීයාමේ තර්ජනයකට ලක් විය.පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු වූ අතර ගුරු මණ්ඩලය, විදුහල්පතිතුමා සමග 4 දෙනෙක් ලෙස සීමා විය.

විදුහල්පති ඇම්.ඒ.පියදාස මහතාගේ කාලය තුළ නැවතත් පාසල දියුණුවට පත් විය. ඒ අනුව ගුරු මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රමාණය වැඩි කරගෙන නව ගොඩනැඟිල්ලක් ඉදි කර 8 වසර දක්වා පන්ති ප්‍රමාණය වැඩි කර ඇත.ඉන්පසු විදුහල්පති තනතුර භාරගත් කේ.පී.සුමතිපාල මහතා පාසල දියුණු කිරීම සදහා මහත් උත්සාහයක් දරා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් තට්ටු දෙකේ ගොඩනැඟිල්ලක් ලැබුණු අතර බුද්ධ මන්දිරයක් සහ තවත් ඉදිකිරීම් රාශියක් ඒ අතර විය.තවද ගුරු මණ්ඩලය සම්පූර්ණ කිරීම,පාසල් ක්‍රීඩා පිටිය පුළුල් කිරීම,පාසල් පරිසරය අලංකාර කිරීම ,සාමාන්‍ය පෙළ දක්වා පන්ති  පැවැත්වීම ඒ අතර වේ.එසේම මුලටියන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල් ඇල්ලෙදෙණිය මහතාගේ දායකත්වයෙන් මෙම පාසලට ජල පහසුකම් ද ලබා ගෙන ඇත.

මේ ආකාරයට දෙමාපියන්ගේ සහ විවිධ ස්වේච්ඡා සංවිධානවල උදව්වෙන් පාසලට ගුරුවරුන් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර අද වන විට අප පාසල  බොහෝමයක් විෂයන්ගෙන් පිරිපුන්ව ඇති අතර දෙවන ජාතික භාෂාව ද සාර්ථකව සිදු කරයි.එසේම  මෙම කාලය තුළ තරග විභාගවලින් පළාත් මට්ටමින් සමස්ත ලංකා මට්ටමින් ජාතික මට්ටමින් පළමු ස්ථාන ලබා ගැනීමට මෙම පාසලේ ළමුන් සමත් වී ඇත.එසේම අප රට තුළ සාර්ථක විභාග ප්‍රතිඵල අතින් දකුණු ලක බැබළෙන පාසලක් බවට පත් වීමට අපේ මේ පුංචි පාසලට හැකි වීමද මහත් ආඩම්බරයට කරුණකි.

 

      

ආරම්භ කළ වර්ෂය

1959 සැප්තැම්බර් 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

ධනපාල අබේවික්‍රම මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාර/අතපත්තුකන්ද කනිටු විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්.ඩබ්.තිලක් ගාමිණී මහතා

පාසල රජයට පවරාගත් දිනය

1963 නොවැම්බර් 01

පාසල පැවැත්වූ ස්ථානය

ඇහැළගහගොඩ නිවසේ ආර්.කේ.අන්දරයස්  මහත්මයා සහ එතුමාගේ භාර්යාව වන ප්‍රතාපසිංහ ආරච්චිගේ ලුසිහාමි මහත්මිය විසින් පරිත්‍යාග කළ ඉඩමක 

 

 

 

{QF3=5}

ATHAPATHTHUKANDA K.V

අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Athapaththukanda,Parapamulla

: (+94)4003539

: [email protected]

Supported By

© 2026 ATHAPATHTHUKANDA K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk